Search This Blog
Showing posts with label SINHALA. Show all posts

Friday, November 6, 2015
Tuesday, February 4, 2014
Monday, February 3, 2014
Monday, January 27, 2014
Flying Fish - Igillena Maluwo
Flying Fish - Igillena Maluwo is a 2011 anthology film directed by Sri
Lankan filmmaker Sanjeewa Pushpakumara. It was produced with the
financial support of the Hubert Bals Fund of the International Film
Festival Rotterdam. Here is the Flying Fish 2011- Igillena Maluwo -
Sinhala Full Movie
Sunday, July 17, 2011
NEW TWO JIANT SINHALA FILMS...
සංස්කරණය : නාරද නිශ්ශංක
ගයාන්රණධීර - නිෂ්පාදක | සුගත්සමරකෝන් - අධ්යක්ෂ ඡායා - වාසලසේනාරත්න | සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ "අධිෂ්ඨානය" චිත්‍රපටියේ සුගත්ඡේ.එච්.ජයවර්ධන සමග |
"විජය කුවේණි"රොජර් - දුලානී |
රටක ජාතියක පැවැත්මට ඉතිහාසය, සංස්කෘතික උරුමය, කෙතරම් වැදගත්වන්නේ දැයි අප ඉගෙනුම ලබන්නේ පොතපත පරිශීලනය කිරීමෙන් පාසල්අධ්යාපනයේ සිටමය. එහෙත් ඉතිහාසයක, සමාජ සංස්කෘතික පැතිකඩ පිළිබඳඅප උගත් දේ පිළිබඳ කිසි දිනක සෑහීමකට පත්විය හැකිද? අප දන්නා ඉතිහාසයතුළ මඟහැරී ගිය තවත් ඉතිහාසයක් තිබිය නොහැකිද? ඉතිහාසය යනු නිමක්නොපෙනෙන ගවේෂණයක් නොවේද?
ඉහත කාරණා සාක්ෂාත් කෙරුමට බොහෝ නිර්මාණකරුවන්, විවිධ වූමාධ්යයන් ඔස්සේ ගත් උත්සාහයන් අප අත්දැක ඇත. "විජය-කුවේණි"කතාන්දරය එදා ලක්දිවට විශේෂිත වූ එක් කාලපරිච්ඡේදයකි. ඒ ආදර කතාවඅනුසාරයෙන්, එකල තිබූ සමාජ සංස්කෘතික පැවැත්මට රූප මාධ්‍ය මගින් ඌණපූර්ණයන් ලබාදීමට ගත් තවත් උත්සාහයක් ලෙස ඉදිරියේදී අප දකින "විජයකුවේණි" චිත්රපටය ගෙන හැර දැක්විය හැකිය.
"දිවයින සිනමා කලා" හි මේ උත්සාහය එහි නිමැවුම්කරුවා නොඑසේනම්අධ්යක්ෂකවරයා සමග සිය දැවැන්ත සිනමා නිර්මාණය පිළිබඳ කතිකාවකයෙදීමය. 1976 වේදිකාව මත රඟදැක්වූ "අමල්බිසෝ" වේදිකා නාට්‍ය නිර්මාණයහරහා කලා ලොවට ප්රවිෂ්ඨ වූ හේ, අනතුරුව "දේශපාලුවා", "කොමාන්ඩෝදියසේන" සහ "උතුරේ රාහුල හිමි" ඇතුළු වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයක්හරහා සම්මාන සහතික හිමිකර ගනිමින්, 1980 දශකයේදී තිරගත වූ"අධිෂ්ඨානය" සිනමා සිත්තමේ "පාලිත පොඩි හාමුදුරුවෝ" නම්වූ ප්රධානචරිතයට ජීවය මවමින් 1982 දී පැවති ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේදීනැඟීඑන රංගන ශිල්පියාට හිමි සම්මානයටද හිමිකම් කීය. "විජය කුවේණි"ඔහුගේ කුළුදුල් සිනමා අධ්යක්ෂණයයි.
බොහෝ කලාකරුවනට මෙන්ම, ඔහුට ද කොළඹ සුදර්ශිය මතකයෙහිනොමියෙන ස්ථානයකි. එහි විසල් නුග රුක යට වේදිකාව, ඔහුගේ අතීත කලාදිවියට ලබාදුන් සෙවන පිළිබඳ මතකය අලුත් කරමින් අප හා සංවාදයට එක් වූහේ, වෙනින් කිසිවකු නොව, තිරපිටපත් රචකයකු රංගන ශිල්පියකු සහඅධ්යක්ෂවරයකු වන ප්රවීණ කලා ශිල්පී සුගත් සමරකෝන්ය.
ඔබේ කලා දිවියෙහි ඇරඹුම පිළිබඳ අතීත මතකය නැවත සිහිපත් කළොත්...
මම රත්නපුර කුඹුරුගමුවේ. කුඩා අවධියේ පැවති වචන හැසිරවීමේ අපහසුතාවක්නිසා අධ්යාපනයට යම් යම් බාධා පැමිණියා. එහෙත් වයස අවුරුදු 12 දීඇවරියවත්ත සුමිත්රාරාම රජමහා විහාරස්ථානයේදී යටියන රතනසාරහිමියන්ගේ මාර්ගයෙන් හෝඩි පොත කියෙව්වා. එසේ ඇරඹූ පිරිවෙන්අධ්යාපනය මතින් පසුකාලීනව බාහිර අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළටත්,උසස් පෙළටත් මුහුණ දුන් මා ලකුණු කිහිපයක් මදි වූ නිසා විශ්වවිද්යාලප්රවේශය මගහැරී ගියා. 1971 පැවැති තරුණ පිබිදීමත් සමග හටගත් කැරැල්ලහේතුවෙන් මගේ අධ්යාපනය කඩාකප්පල් වීමකුත් සිදුවුණා. මිතුරන් රැසක්සදාකාලිකවම අහිමිව ගියා. සැබැවින්ම එය සිහි නොකළ යුතු අඳුරු මතකයක්. 1976 මුල් භාගයේ "අමල්බිසෝ" වේදිකා නාට්යය ගෙන ආවා. මෙහි පුහුණුවීම්සිදු කළේ කොළඹ සුදර්ශි ශාලාවේ අපි මේ කතා කරන නුග ගහ යට. මාකෙතරම් කලාවට ආදරය කළා දැයි කතා කළ හැකි නම් මේ නුග ගස පවසාවි.එදා "අමල්බිසෝ" පුහුණුවට පිරිස පැමිණෙනතුරු මා මෙහි රැඳී සිටියේ බොහෝ විට හැඬූ කඳුළෙන්. ඒ ඔවුන්ගේප්රමාදයන් නිසා. ආනන්ද වික්‍රමගේ, නිහාල් සිල්වා, සොමී රත්නායක, ඡේ. එච්. ජයවර්ධන, ඩේෂන් අමරසේන,ශ්රියානි ෙµdන්සේකා සහ ප්රේමසිරි කල්පගේ මෙහි රංගනයෙහි යෙදුණා. නිෂ්පාදනය කළේ මගේ පාසල් සමයේසිටම මිත්රයකු වූ සුසිල් රූපසිංහ. ගමෙන් නගරයට ආ නූගත් තරුණයකුගේ කතාව තේමා කොට ගත් "අමල් බිසෝටරාජ්ය නාට්‍ය උළෙලේදී සම්මාන 6 ක් හිමි වුණා. මේ නාට්යය අතරතුර දී ප්රේමසිරි කල්පගේ අනතුරකට ලක්වූ නිසාඔහු වෙනුවට මා මුල් වරට රංගනයට යොමු වුණා. මෙහිදී මා රචනය, අධ්යක්ෂණය සිදුකරමින් රංගනයටත් පිවිසියා.මේ අවධියේදීම ප්රවීණ කලා ශිල්පි දයානන්ද ගුණවර්ධන මහතා මූල්යමය වශයෙන් සහ නාට්‍ය පිළිබඳව උපදෙස්ලබාදෙමින් මගේ කලා දිවියට උපකාර කළා. ඉන් පසුව "දේශපාලුවා", "කොමාන්ඩෝ දියසේන" සහ "උතුරේ රාහුලහිමි" වේදිකාවට ගෙන ආවා. මේ නාට්‍ය තුනම නිෂ්පාදනය කළේ ක්ලිෆඩ් ඡේම්ස් මරේ. ඔහු තවමත් මගේ ගමනේසගයෙක්.
ඔබේ නාට්‍ය නිර්මාණ අතුරින් "උතුරේ රාහුල හිමි" මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ යම් පිබිදීමක් ඇති කළනිර්මාණයක්. ඒ පිළිබඳවත් පැවසිය යුතු විශේෂිත වූ යමක් ඇති...
සැබැවින්ම මගේ සෑම නිර්මාණයක් තුළම නිර්ධන පංතියේ සහ ධනපති පංතියේ ඝට්ඨනය පිළිබඳ පවතින අරගලයපෙන්වනවා. ඒ වගේම පවතින දේශපාලන වටාපිටාවද පෙන්නුම් කරනවා. එය මා කළ සෑම වේදිකා නාට්යකම පාහේඅන්තර්ගත කෙරුමට මා උත්සාහ දැරුවා. ජීවමාන චරිත සම්ප්රදාය වේදිකාවට ගෙන ආවේ මම. මෙය දයානන්දගුණවර්ධන මහතාණන් ද අගය කළා. නමුත් විවේචන තිබුණා. "උතුරේ රාහුල හිමි" නාට්‍ය තුළින් එල්.ටී.ටී.ඊ.ත්රස්තවාදී සංවිධානයේ කුරිරු ම්ලේච්ඡත්වය ලොවට පෙන්නුවා. එකල එම සංවිධානයෙන් මට මරණීය තර්ජන පවාතිබුණා. 80 දශකයේදී "දිවයින" පුවත්පත මගින් පැවැත්වූ සාම නාට්‍ය උළෙලේ ජනප්රියතම නාට්යයට තේරී පත්වුණේ "උතුරේ රාහුල හිමි." මෙය දර්ශන වාර 1600 ක් පමණ රඟදැක්වූවා.
වේදිකාව දෙසට යොමුවීමට නැවතත් සූදානමක් නැද්ද?
වේදිකාවෙන් මඳක් ඈත්ව සිටියත්, මගේ පුතා සංජය සමරකෝන්ගේ ඉල්ලීමට "දේශපාලුවා" දර්ශන කිහිපයක්ඉදිරියේදී රඟදැක්වීමට සූදානමින් පසුවෙනවා.
ඔබ වසර කිහිපයක් විදේශගතවත් සිටියා...
ඔව්. 2000 වර්ෂයේදී එංගලන්තයට පිටත් වූ මා එහිදී සිනමා තිර රචනය පිළිබඳ හදාරා ඩිප්ලෝමාවක් ලැබුවා. එහි සිටිවසර 9 ක කාලසීමාවදී නිර්මාණ 5 ක් රචනා කළා. "පතොක් මල් සිහිනය" නවකතාව දොරට වැඩියා. "අන්ද සුන්දරී"නමින් වේදිකා නාට්යයක් රඟදැක්වූවා. ලන්ඩන් නුවර ඊලින් නගර ශාලාවේ වේදිකාගත කළ එම නාට්‍ය සඳහා එවකටඑංගලන්තයේ ශ්රී ලංකා තානාපතිව සිටි ෆායිස් මුස්තාපා මහතා සහ එම මහත්මිය ප්රධාන ආරාධිතයන් ලෙස මංගලදර්ශනයට සහභාගි වුණා. මා ප්රධාන චරිතය නිරූපණය කළ අතර පරිවාර රංගන ශිල්පීන් ලෙස එංගලන්තයේවෙසෙන ලාංකිකයන් පෙනී සිටියා.
"විජය කුවේණි" ඔබ අධ්යක්ෂවරයකු ලෙස සිනමාවට පිවිසෙන ප්රථම අවස්ථාව,
1992 දී අත්හදා බැලීමට සිදුකළ, "වියරු මිනිසා" චිත්රපටය සඳහා මගේ රංගනයට සරසවි සම්මානයක් හිමිවුණා.විජය - කුවේණි මහාවංශය නොකිව් අපේ වංශයේ කතාව ලෙසට සිනමාවට ගෙන එන්නටයි මා උත්සාහ දරන්නේ.ඉතිහාසය අපේ රටේ දේශපාලකයන්ටත් දැන් මතක නැහැ. පාසල් විෂය මාලාවෙනුත් එය ඉවත් කිරීමේ උත්සාහයක්තිබෙන මේ මොහොතේ ඉතිහාසය විකෘති නොකර නැවත සිහිකැඳවීමට මා දරන පුංචි උත්සාහයක් ලෙස මෙයගෙනහැර දැක්වූවත් වරදක් නැහැ. අතීතයේ අපේ දේශයේ විසූ යක්ෂ, නාග, රාක්ෂ, දේව යන ගෝත්රික,මුතුන්මිත්තන්ගේ සංකලනයක් වූ අප, අපේ ජාන තුළ අපේකම අපේ සංස්කෘතිය කියා දෙයක් ගැබ්ව තිබෙන බවත්දත යුතුයි. මේ කියන ප්රෙෘඪ ඉතිහාසය තුළ මහානාම හාමුදුරුවන්ටත්, අතපසුවීමෙන් හෝ හිතාමතාම අමතක කළතවත් අතීතයක් තිබෙන්නට පුළුවන්. මා උත්සහ දරන්නේ එය සොයා යැමටයි..
"විජය-කුවේණි" චිත්‍රපටයට පාදක කරගත් වස්තු බීජ සොයා යැමේදී ආචාර්ය සඳුන් විඡේසිරි, මහාචාර්ය මැන්දිස්රෝහණධීර, ඒ. සුද්දහාමි සහ මගේ පුතු සංජය සමරකෝන් කළ උපකාර අමතක කළ නොහැකියි. මේසා විශාලදැවැන්ත වූ චිත්රපට නිර්මාණයකට, ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව නිෂ්පාදන පිරිවැය දැරීමට ඉදිරිපත් වූ ගයාන්රණවීර මහතාණන් ද විශේෂිතව සිහිපත් කළ යුතුයි. ඉතිහාසයට සාහිත්යයට ඇලුම් කරන්නකු සහ දෑහිතකාමී මිනිසකුවන ඔහුගේ මුණගැසීම මට අමතර ශක්තියක්. නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස අනුර ධර්මසිරිවර්ධනත්, මගේ සියලුමනාට්ය නිෂ්පාදනය කළ ක්ලෆර්ඩ් ඡේම්ස් මරේ මහතාත්, මගේ පුතාත් "විජය කුවේණි" චිත්රපටය වෙනුවෙන්දැක්වූයේ නොමඳ වෙහෙසක්.
1700 ක් පමණ වූ රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් නිම වූ "විජය-කුවේණි" දැවැන්ත සිනමා සිත්තමප්රේක්ෂක අපට නැරඹිය හැක්කේ කවදාද?
අනුරාධපුරය, වෙස්සගිරිය, රාජාංගනය, ගම්පහ සහ නාරාහේන්පිට ප්රදේශයන්හි පුරා දින 55 ක් රූපගත කිරීම්සිදුකළ "විජය කුවේණි" චිත්රපටය සිනමාස්කෝප් අති විශාල පුළුල් තිරය ඔස්සේ 2012 ජනවාරි මාසයේ සිට ඊ. ඒ. පී.මණ්ඩලයේ සෑම සිනමා ශාලාවකදීම තිරගත කෙරුමට සියල්ල සූදානම්. මේ චිත්රපටය කිසි දිනක රූපවාහිනියෙන්නැරඹිය නොහැකි බවද පැවසිය යුතුයි. ලොව විශාලතම ප්රකාශන මාධ්‍ය වන සිනමාවෙන් පමණක් මෙය නැරඹියහැකියි. "විජය කුවේණි" චිත්‍රපටයට දැරූ පිරිවැය රුපියල් ලක්ෂ 400 ක්. ඉන්දියාව, චීනය වැනි රටවල් මෙවැනිචිත්රපට නිර්මාණයේදී නිර්මාණකරුවන්ට උපරිම සහයක් ලබාදෙනවා. ඒත් කනගාටුවෙන් වුවත් පැවසිය යුත්තේ"විජය කුවේණි" සඳහා එවැනි දිරි දීමක් නොලැබුණු බවයි. තතු කෙසේ වුවත්, මේ රටේ උගත්, බුද්ධිමත්, ප්රේක්ෂකජනතාව වෙනුවෙන් මා සැමදා නිර්මාණ ගෙන එන බවත්, ඔවුන් නැතිකර ගැනීමට කලාකරුවකු ලෙස මා හටනොහැකි බවත්, මියනතුරු මා නිර්මාණකරණයෙහි යෙදෙන්නේ ඔවුන් වෙනුවෙන් බවත් පැවසිය යුතුයි.
"විජය කුවේණි" සිනමා නිර්මාණය අප වෙත රැගෙන ඒමේදී තිර රචනය සහ අධ්යක්ෂණයෙන් සුගත් සමරකෝන්,නිෂ්පාදනය ගයාන් රණවීර, ප්රධාන සහය අධ්යක්ෂණය විඡේසිරි මල්ලිකා ආරච්චි, කැමරා අධ්යක්ෂ අයෙෂ්මන්තහෙට්ටිආරච්චි, කලා අධ්යක්ෂ ධම්මික ප්‍රියන්ත, ඇඳුම් හා ආභරණ නිර්මාණ, ප්‍රියාන් අනුර ශ්රී, අංග රචනය,වසන්ත විට්ටච්චි, කොණ්ඩා මෝස්තර සරත් රණවීර, සංගීතය නදීක ගුරුගේ, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ,ත්රිමාණ සජීවිකරණය සංජය සමරකෝන්, මාධ්‍ය සම්බන්ධීකරණය ගාමිණි ප්‍රනාන්දු, සටන් අධ්යක්ෂණය අජන්තමහන්තආරච්චි, නිෂ්පාදන කළමනාකරණය ශ්රීලාල් වික්‍රමගේ, ප්‍රතිමා නිර්මාණය චිත්රා මුල්ලගේ, රංග බුද්ධි,නර්තන නිර්මාණය, ප්‍රියාන් අනුර ශ්රී සහ ඇඳුම් අඛණ්ඩතා සටහන් ප්රසන්න කැළුම් බණ්ඩාර දායකත්වය සපයයි.
ප්රධාන රංගන ශිල්පීන් ලෙස, රොජර් සෙනෙවිරත්නත්, දුලානී අනුරාධාත්, ප්‍රබල රංගන දායකත්වය සපයන "විජයකුවේණි" හී, පරිවාර රංගන ශිල්පීන් ලෙස, වසන්ති රංවල, ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, සුසිල් පෙරේරා,ශ්යාමලී ජයවීර, සරත් දික්කුඹුර රින්ස්ලි වීරරත්න, රෝහිත බී. පෙරේරා, රුපුන් රණධීර, නෝමන් පලිහවඩන, අනුරධර්මසිරිවර්ධන, සංජය සමරකෝන් ඇතුළු ප්රවීණ සහ නවක පිරිස සමග ආරාධිත රංගන ශිල්පීන් ලෙස, අමාත්යමර්වින් සිල්වා, ආචාර්ය ධනවර්ධන ගුරුගේ, සුමිත් මුදන්නායක, සඳුන් විඡේසිරි, විල්සන් කරු, ගාමිණි ජයලත්, මියුරිසමරසිංහ, තිලක් කුමාර රත්නායක ඇතුළු පිරිස දායකත්වය සපයති.
"විජය කුවේණි" චිත්රපටය තුළින් ඉතිහාසය නැවත ප්රතිනිර්මාණ කිරීමට පූර්ණ උත්සහයක් නොගත්තත් එයසැලකියයුතු මට්ටමකට සිදුකළා යෑයි පවසන සුගත් සමරකෝන් කලා ශිල්පියා, සිය මීළඟ නිර්මාණය ලෙස වසර5000ක ටත් එපිට විහිදුණු ඉතිහාසයක් පිළිබඳ කියවෙන "මහාරාවණ" කතාව, සිනමාවට නඟමින්, අපේ දැවැන්තඅභිමානවත් ඉතිහාසය වර්තමානයට කැන්දාගෙන ඒමට උත්සහ කරන බව අවසන් වශයෙන් අප හා පැවැසීය.
"විජය - කුවේණි" සිනමා සිත්තම, සැබැවින්ම සංවාදයට විචාරයට, බඳුන්වන සැබෑම ඉතිහාසයක ප්රබලසාක්ෂිකරුවකු වනවාට කිසිදු සැකයක් නැත. අපි ඒ නිර්මාණශීලී කලා ශිල්පියාණන් වූ සුගත් සමරකෝන් හට, සියඉදිරි නිර්මාණයන්ට, එහි සාර්ථකත්වයට මෙලෙස සුබ පතමු.
සුජීව තත්සර

Subscribe to:
Posts (Atom)