Friday, May 6, 2011

නරකය


නරකය
නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලොක කියන එකයි. මෙ  නරකයත් කොටස් වලින් යුක්තයි, මුලින්ම 
01)සඤ්ජිවය
යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.



02)කාලසුත්‍රය
උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.






03)සන්ඝාතය
මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.



04)රෞරවය
මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය  නමි වෙ.









 
05)මහා රෞරවය
අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය  පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.




06)තාපනය
මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.








07)මහා තාපනය (ප්‍රතාප නරකය)
තාපන නරකයේ මෙන්ම මෙහිද  ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පවි කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.










08)අවිචිය (අවිචි මහා නරකය යනු මෙයයි)
මෙම නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරයි. පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙන්නේය. මෙම නරකයේ අනන්ත වු සත්ත්ව සංඛයාවක්ද වෙසෙයි  එබැවින් එය අවිචි මහ නරකය නමින් හැදින්වෙ.



මෙ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මෙ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත.

මෙ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.

මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?
මොවනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත. ඒ අනුව ඇතැමි සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගවි දෙකක් පමණද, ඇතමෙක්ගේ ගවි තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.

නරකයන් ගේ දුක්ඛය ගැන  බුදුරජානන්වහන්සේ වදාලේ මොනවාද?

දුක් ඇති තැන් වලින් ඉතා දරැණුම දුක් ඇත්තේ නරකයේය. මෙ නරකයන් වල විවිධාකාර දුක්ඛයන් ඇත, ඉන් විශේෂිත නරක වල දෙනු ලබන දුක්ඛයන් ඉහතින් දක්වා ඇත, මිට අමතරව 128 ක් වු ඔසුපත් නරකයන්හි පහත දුක් ඇත.

ගින්නෙන් දවනු ලැබිම, ගිනියමි වු ලෝහ පොලවෙ තබා උල් ගසනු ලැබිම, වැ පොරෝව ආදියෙන් ශරිරය කපනු ලැබිම, ලි කොටන් මෙන් දැලි නුල් දමා කියතින් කපනු ලැබිම, ලොදිය පෙවිම, ගිනියමි වු යකඩ ගුලි
ගිල්ලවිම, පෙරලන පර්වත වලට යටකර අඹරනු ලැබිම, ශරිරය තුලට ගමන් කරණු ලබන දුමි වලින් ශරිරය පිලිස්සනු ලැබිම, ලොහ තුඩු ඇති පක්ෂින් විසින් කොටා ශරිරයේ මස් කඩාගෙන කනු ලැබිම, ගවයින් මෙන් කරත්තවල බැද බර ඇද්දවිම, දැලිපිහි මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ඇති ප්‍රදේශවල දිවවිම, මෙලෙස කැපි මස් කැබැල්ලක් මෙන් වු ශරිර ලුණු ගංගා වලට ඇද දැමිම ආදියයි. බුදු රජානන් වහන්සේ මෙසේ වු නරකයේ දුක්ඛය දැක්විමට උපමාවක්ද නොමැති බව දක්වා ඇත. එවිට භික්ෂුන්වහන්සේ නමක් නරකයේ දුක උපමාවකින් වදාලන මෙන් ඉල්ලාසිටි විට, තතථාගතයන් වහන්සේ පහත උපමා දක්වා ඇත.

"මහණෙනි, රාජපුරැෂයෝ සොරෙකු අල්ලා රජු ඉදිරියට ගෙන ගොස් දෙවයන්වහන්ස!මොහු සොරෙකි මොහුට සුදුසු දඩුවමක් නියමකරණ මැනවයි කියයි. එවිට රජු මෙම සොරා ගෙනගොස් උදැසන මොහුගේ ශරිරය සිදුරැවන පරිදි යහුල් පහර 100 ක් අනින මෙන් නියම කරයි.  ඉන්පසු දහවල් කාලයේ රජු සොරා පිළිබදව විමසා සොරා ජිවත්ව සිටින බව දැන දහවල් කාලයේත් යහුල් පහර 100 ක් ඇනිමට නියම කරයි. ඉන්පසුව නැවතත් සවස්කාලයේ සොරා පිළිබදව රජු නැවතත් විමසා ඔහු ජිවත්ව සිටින බව දැන නැවතත් සවස් කාලයේ යහුල් පහර 100 ක් අනින ලෙස රාජ පුරැෂයන්ට නියම කරයි.

ඉන්පසු තථාගතයන්වහන්සේ, "මහණෙනි මෙලෙස ඒ පුරැෂයා යහුල් පහර 300 ක් කැමෙන් දුකට දොමිනසට පත්වුයේද යැයි අසන ලදි" ඒකල්හි භික්ෂුහු ස්වාමිනි! එක යහුල් පහරක්ම මහත් දුකක් දොමිනසක් වන විට යහුල් පහර 300 පිළිබදව කුමක් කියන්න දැයි අසන ලදි.

ඉන්පසු තථාගතයන් වහන්සේ කුඩා ගල්කැටයක් අතට ගෙන, "මහණෙනි! මා විසින් මෙ අතට ගන්නා ලද ගල් කැටයෙන් හා හිමාල පර්වතය යන දෙකින් විශාල වන්නේ කුමක්දැයි අසන ලදි. එවිට භික්ෂුන් ස්වාමිණි! ඔබ වහන්සේ විසින් ශ්‍රි හස්තයට ගන්නා ලද ගල්කැටය හිමාලයෙන් 1000 සින් පංගුවකුත් නොවන්නේය, දසදහසින් පංගුවකුත් නොවන්නේය, ලක්ෂයකින් පංගුවකුත් නොවන්නේය. එයහිමාලය හා සංසන්දනය කල යුත්තක් නොවන බව සැල කර සිටින ලදි.

එවිට තථාගතයානන් වහන්සේ මහණෙණි එසේම යහුල් පහර 300 ලද මිනිසා විදින ලද දුක නරකයේ දුකෙන් දහසින් පංගුවක් හෝ දසදහසින් පංගුවක්හෝ ලක්ෂයෙන් පංග්වක් හෝ නොවන බවත් අපායේ දුක්ඛය හා සමකල යුතු දෙයකුදු නොවන බවත් දක්වන ලදි.

මෙයින්ම අපට අපායේ දුක්ඛත්වය පිලිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

From: http://www.budurashmiya.net/2010/05/02.html
--
~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~
http://groups.google.com/group/amadamgagula

No comments:

Post a Comment